මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 208 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 04 ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද(01) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 208 දක්වා ඉහළ යනු ඇත.

අලියාඩිවෙම්බු ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 91 හැවිරිදි කාන්තාවක්, අගලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ දර්ගා නගරයේ පදිංචිව සිටි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 2 =