පොළොන්නරුවේ සහ සීගිරියේ යෑමට බලාපොරොත්තුවන දේශීය සංචාරකයින්ට දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) –හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින තුළ පොළොන්නරුව සහ සීගිරිය සංචාරක කලාපයන්හි ස්ථාන කිහිපයක් දේශීය සංචාරකයින්ට විවෘත නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

මෙරටට පැමිණ සිටින විදේශීය සංචාරකයින් පිරිස එම ස්ථානවල සංචාරය කිරීමට නියමිත බැවින් එම කාලය තුළ දේශීය සංචාරකයින්ට අදාළ ස්ථානවලට පැමිණීමේ අවස්ථාව හිමි නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පෙන්වා දෙයි.

ඒ අනුව පොළොන්නරුව සංචාරක ව්‍යාපෘතියට අයත් පරාක්‍රම මාළිගා සංකීර්ණය, දළඳා මළුව, ශිව දේවාල අංක 02 සහ ආලාභ පිරිවෙණ සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරිවෙහෙර මෙන්ම ගල් විහාරය, තිවංක පිළිමගෙය හා නෙළුම් පොකුණ යන සංචාරක ස්ථාන හෙට පස්වරු 1.00න් පසු කාලය දේශීය සංචාරකයන්ට විවෘත නොවනු ඇත.

එමෙන්ම එම සංචාරකයන් ලබන 5 වනදා පෙරවරුවේ සීගිරිය සංචාරක කලාපය නැරඹීමට පැමිණෙන බැවින් එදින දහවල් 12.00 දක්වා එම කලාපය ද දේශීය සංචාරකයින්ට විවෘත නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *