රත්නපුරයෙන් කොවිඩ් මරණ දෙකක්

(කොළඹ, ලංකාපුවත්) –තවත් කොවිඩ් – 19 මරණ දෙකක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 215ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 71 සහ 86 හැවිරිදි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් එලෙස මියගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *