කොවිඩ් මරණ 2ක් වාර්තා වෙයි – සමස්ත මරණ 217ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –අද(05) දිනයේත් කොවිඩ් 19 මරණ දෙකක් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දොපර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් 19 මරණ ගණන 217 ක් ලෙස දැක්වේ.

මාතලේ ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් මාතලේ දිස්ත්‍රික් රෝහලේදී පසුගිය 03 වැනිදා මිය ගොස් ඇත්තේ කොවිඩ් 19 ආසාදනය වීමත් සමඟ ඇතිවූ ස්වසන පද්ධතියේ ආසාදනයකිනි.

මේ අතර කොවිඩ් 19 ආසාදනය වීම නිසා ලේ විෂ වීම සහ ඇදුම රෝගය හේතුවෙන් කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවක් පසුගිය 02 වැනි දින කළුතර මහ රෝහලට ඇතුල් කරන අවස්ථාවේ මිය ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *