ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(05) සමත් විය.

ඒ, දෙරට අතර පැවැති දෙවන තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කරමිනි.

තරගයේ තෙවන දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 150ක් ලබා සිටි අතර අද දිනයේ සියලු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැවී ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 211ක් පමණි.

අනතුරුව දකුණු අප්‍රිකාවට සිය දෙවන ඉනිමේ දී තරගය ජය ගැනීම සදහා හිමිවූයේ ලකුණු 67ක පහසු ඉලක්කයකි.

එම ඉක්කය කිසිදු කඩුල්ලක් නොදැවී පසු කර යාමට දකුණු අප්‍රිකාව සමත් විය.

ඒඩ්න් මාක්‍රම් නොදැවී ලකුණු 36ක් සහ ඩීන් එල්ගර් නොදැවී ලකුණු 31ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකාව ජයග්‍රහනය කරා රැගෙන යන ලදි.

ජොහැනස්බර්ග්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 157ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව ලකුණු 302ක් රැස් කළේය.

ඒ අනුව දෙරට අතර පළමු තරගයෙන් දකුණු අප්‍රිකාවට ඉනිමක සහ ලකුණු 45ක ජයක් හිමිවූ අතර දෙරට අතර පැවැති දෙවන තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් ලබා ගනිමින් දකුණු අප්‍රිකා කණ්ඩායම තරගාවලිය පහසුවෙන් ජයග්‍රහණය කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 3 =