වාරණ රජමහා විහාරයේ ප්‍රශ්න සොයා බැලීමට අමාත්‍ය විදුර වික්‍රමනායක යයි

(කොළඹ, ලංකාපුවත්) –වළගම්බා රජ සමයේ ඉදිකරවන ලද්දක් යැයි විශ්වාස කෙරෙන පෞරාණික වටිනාකම්වලින් යුත් විහාරස්ථානයක්වන වාරණ රජමහා විහාරයේ ප්‍රශ්න සොයා බැලීම සදහා රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

දෙවන පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල, හයවැනි පරාක්‍රමබාහු, කීර්ති ශ්‍රී රාජසිංහ ආදී රජවරු විසින් ද වරින්වර මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.

අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණිය, කෝට්ටේ, මහනුවර ආදි වූ සියලුම යුග නියෝජනයක සන්ධිස්ථානයක් ලෙස ද මෙම විහාරස්ථානය විශේෂ ය.

සිතුවම් කර ඇති යුග ගණනාවකටම අයත් බිතු සිතුවම් සඳහා නිසි සංරක්ෂණ වැඩපිළිවෙලක් නොමැති වීම,විහාර භූමියට අයත් විවිධ පුරා වස්තූන් නිධන් සොරුන්ගේ ග්‍රහණයට නතුවීම,සෙල්ලිපි සඳහා නිසි ආරක්ෂිත ක්‍රමවේදයන් නොමැතිවීම යන ගැටළු
වාර්තමානය වනවිට මෙම විහාරස්ථානයට තදින්ම බලපා තිබේ.

පවතින ගැටළු පිළිබඳව විහාරාධිපති සීනාධී සිව්කෝරළයේ අධිකරණ සංඝනායක දොම්පේ පුණ්‍යානන්ද නා හිමියන් විසින් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතාව දැනුවත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ විශේෂ ඉල්ලීමක් පරිදි මේ පිළිබඳව සොයා බැලීමට පැමිණි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා රජමහා විහාරයේ ඉදිරි ආරක්ෂණ කටයුතු පිළිබඳව සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නාලෙස පුරාවිද්‍යා නිලධාරින්ට දැනුම් දුන්නේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *