WHO නියෝජිතයන්ට චීනයට ඇතුළුවීම අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසයේ ආරම්භය පිළිබද සොයා බැලීමට පත් කළ ලෝක සෞඛ්‍ය සංවිධාන කමිටු සාමාජිකයන්ට චීනයට ඇතුළුවීමට ඉඩ ලබා දී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ වූහාන් නගරයෙන්ම වෛරසය ආරම්භ වූයේද යන්න පිළිබදව විද්‍යාත්මක පරික්ෂණයක් සිදු කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම කමිටුව පත් කර ඇත. කමිටු සාමාජිකයන් දෙදෙනෙකු දැනටමත් සිය සංචාරය ආරම්භ කර තිඛේ.

තවත් සාමාජිකයකු චීනයට ලගාවීමට නියමිතය.

ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කළේ වීසා ප්‍රශ්නයක් හේතුවෙන් කමිටුවට චීනයට ඇතුළුවීමට තවමත් අවසර හිමිව නැති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩොනොම් ප්‍රකාශ කළේ චීනයේ මෙම ක්‍රියාව තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. කමිටුවක් පත් කර පරික්ෂණ ආරම්භ කිරීමට තීරණය කළේ කිසිලෙසකින් වත් චීනය අපහසුතාවට පත් කිරීමට නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා වැඩිදුරටත් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *