ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ විපක්ෂ නායක අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) –තෙදින නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ(06) සිදුවිය.

ද්වීපාර්ශවීය සබදතා පිළිබඳව එහිදී සාකච්ඡාවක් පැවැති අතර දිගු කලක් තිස්සේ දෙරටෙහි පවත්නා ඓතිහාසික සම්බන්ධතාවය පිළිබඳව ද දෙපාර්ශවය අදහස් හුවමාරු කරගනු ලැබීය.

මෙරට ජනතාව වෙනුවෙන් පසුගිය වකවානුවේ නිවාස ඉදිකිරීම උදෙසා ඉන්දිය රජය ලබා දුන් අනුග්‍රහය පිළිබඳව කෘතවේදීත්වය පුද කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ” මෝඩි” ගම්මානය පිලිබදව ද සිහිපත් කළේය. සුව සැරිය උදෙසා ලබා දුන් සහය පිළිබඳව ද ඉන්දිය රජයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ අවස්ථාවේ ස්තූතිය පලකරනු ලැබීය.

මේ අතර ඉන්දියාවේ නිල සංචාරයක් සදහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට විශේෂ ආරාධනාවක්ද කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *