අමාත්‍ය වාසුදේවටත් කොරෝනා

(කොළඹ, ලංකාපුවත්) –ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතාටද කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් පීසීආර් පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නනායකකර මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

කථානායක කාර්යාලය පැවසුවේ මෑතකදී වෛරසයේ ධනාත්මක බව පරීක්‍ෂා කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ සම්බන්ධතා අතර අමාත්‍ය නානායක්කාර මහතා ද සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + 3 =