අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යළි විවෘතයි

(කොළඹ, ලංකාපුවත්) –තාවකාලිකව වසා දැමුණු අමෙරිකාවේ වොෂිංටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද(11) නැවත විවෘත කරන බව තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

අමෙරිකාවේ සිටින ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ මහතාට සහ එහි තවත් සේවකයින් සිව්දෙනෙකුට කොවිඩ් -19 වෛරසය වැළදී ඇති බවට තහවුරු වීමත් සමග ඔවුන් නිවාසවල නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

එසේම තානාපති කාර්යාලය විෂබීජහරණය කර ඇත.

වොෂිංටන් ඩීසී හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජනවාරි 04වනදා සිට ඊයේ(10) දක්වා වසා දමා තිබුණි. තානාපති කාර්යාලයේ අනෙක් සියලුම සේවකයින්ට ද පීසීආර් පරීක්ෂණ සිදු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *