රන්ජන් පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානය වෙත

(කොළඹ, ලංකාපුවත්) –සිව් වසරක බරපතල වැඩ ඇතිව සිර දඩුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර ගෙන තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ගොනුකර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණය රන්ජන් රාමනායක මහතාට බරපතල වැඩ සහිත වසර හතරක සිර දඩුවම් නියම කරන ලදි. ඒ විනිසුරු සිසිර ද ආබෲ මහතා ප්‍රමුඛ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව ගත් තීන්දුවකට අනුවයි.

ඒ අනුව සිර දඩුවම් නියම වූ රන්ජන් රාමනායක මහතා මීගමුව පිහිටි පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *