රාජකාරී සම්බන්ධයෙන් නම්‍යශීලි වේලාවන් හඳුන්වා දීමට අවධානය

(කොළඹ, ලංකාපුවත්) –ආයතනවල රාජකාරී සම්බන්ධයෙන් නම්‍යශීලි වේලාවන් (flexy hours)හඳුන්වා දීම කෙරෙහි මේ වන විට රජයේ අවධානය යොමුව තිබෙන බව බලශක්ති ඇමැති ,කැබිනට් ප්‍රකාශක ඇමැති උදය ගම්මන්පිල මහතා කියයි.

අද (12) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවැසුවේ බෙහෝ රටවල ක්‍රියාත්මන වන මෙම ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වාදීම පිළිබඳව මේ දිනවල අධ්‍යයනය කරන බවයි.

“මේ ක්‍රමය අනුව සතියකට පැය 40ක් වැඩකරන්න අවශ්‍යයි.ඕනෑ නම් ඇතැම් දිනවලට කලින් යන්න පුළුවන්. සමහර දිනට ප්‍රමාද වී යාමට පුළුවන්. පැය 40 සම්පූර්ණ කිරීමයි අවශ්‍ය වෙන්නේ. හැමෝම එකම වේලාවක වැඩ ආරම්භ කරලා වැඩ අවසන් කිරීම වෙනුවට නව තාක්ෂණයක් භාවිත කරමින් නම්‍යශීලි රාජකාරී වේලාවන් සිදුකිරීම පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමුවෙලා තියෙනවා. යැයිද ඇමැතිවරයා පැවැසීය.

කාර්යාල සහ පාසල් ,උදෑසන එකිනෙක ආසන්න වේලාවන්හිදී ආරම්භ කිරීමෙන් මාර්ගවල ඇතිවන තදබදය අවම කිරීම ,බොහෝ දෙනා තමන් සතු පෞද්ගලික වාහන යොදා ගෙන සේවා ස්ථාන සඳහා එකම වේලාවක පැමිණීම නිසා වන මාර්ග තදබදය අවම කිරීමටද මේ තුළීන් විසඳුමක් ලැබෙනු ඇතැයිද ඇමැතිවරයා විශ්වාසය පළකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *