පිල්ලෙයාන් නිදොස් කොට නිදහස්

(කොළඹ, ලංකාපුවත්) –ජෝශප් පරාරාජසිංහම් ඝාතන නඩුවේ විත්තිකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරායි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් සහ තවත් සැකකරුවන් 04 දෙනෙකු මඩකලපුව මහාධිකරණය විසින් අද (13) නිදොස් කොට නිදහස් කර තිබේ.

අද දින නඩුව කැඳවනු ලැබුවේ මඩකලපුව මහාධිකරණ විනිසුරු ඩී. එස්. සූසෙයිදාසන් මහතා හමුවේ දීය.

පසුගිය 11 වනදා මෙම නඩුව කැඳවු අවස්ථාවේදී නීතිපති දොපර්තමේන්තුව අධිකරණයට දැනුම්දෙනු ලැබුවේ පිල්ලෙයාන් ඇතුලු විත්තිකරුවන්ට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බවයි.

ඒ අනුව විත්තිකරුවන් 5 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණය නියෝග කරන ලදි.

2005 වසරේ දෙසැම්බර් 25 වනදා ජෝසප් පරරාජසිංහම් මහතා වෙඩි තබා ඝාතනය කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *