දෙවැනි කෝවිඩ් එන්නත 100%ක් සාර්ථකයි – රුසියාව

(කොළඹ, ලංකාපුවත්) – රුසියාව විසින් නිෂ්පාදනය කළ දෙවැනි කෝවිඩ් එන්නත සියයට සියයක් සාර්ථක බව රුසියානු බලධාරීන් සදහන් කර ඇත.

සායනික පරික්ෂණවලින් පසු මෙය තහවුරු වූ බව රුසියා බලධාරීන් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘එපි වැක් කොරෝනා‘ නම් මෙම රුසියා කෝවිඩ් එන්නත පසුගිය වසරේ නොවැම්බර් මස සිට ජනතාවට ලබා දෙමින් අත්හදා බැලීම් සිදු කර තිබුනි.

එහි පළමු හා දෙවන අදියර අධ්‍යයනයන් මගින් වයස අවුරුදු 18 ත් 60 ත් අතර පුද්ගලයින් 100 දෙනෙකුට එන්නත යොදා ගනිමින් පරීක්‍ෂණ සිදු කර ඇත.

ලබන මාසයේදී එන්නත එළිදැක්වීමට නියමිතය. සයිබීරියාවේ වෙක්ටර් ආයතනය එන්නත නිෂ්පාදනය කර ඇත.

මීට පෙර නිෂ්පාදනය කෙරුණු ස්පුට්නික් වී එන්නත ද 92%ක සාර්ථකත්වයක් පෙන්නුම් කළ බව රුසියා බලධාරීන් සඳහන් කරයි. එම එන්නත ඉන්දියාව , ඊජිප්තුව , වෙනිසියුලාව ඇතුළු රටවල් රැසකට මේ වන විටත් යවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *