විදෙස් සංචාරකයින් වෙනුවෙන් හෙට සිට ගුවන්තොටුපළ විවෘතයි

(කොළඹ, ලංකාපුවත්) – සංචාරකයින් සඳහා හෙට (21) සිට ගුවන් තොටුපළ විවෘත කිරිමට පියවර ගෙන තිබෙන බව අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

ඒ සම්බන්ධයෙන් විශේෂ පෙරහුරුවක් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වලදී අද (20) පැවැත්වේ.

සියලු විදේශකයින් පී සී ආර් පරික්ෂණ කිහිපයකට මුහුණ දීම අනිවාර්ය බව අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා සදහන් කළේය.

මේ වෙනුවෙන් පසුගිය දෙසැම්බර් මස ක්‍රියාත්මක කළ නියමු ව්‍යාපෘතියෙන් ලබාගත් අත්දැකීම් හා අඩුපාඩු හඳුනාගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *