අමෙරිකා නව ජනපති රාජකාරි අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් සිය රාජකාරි ආරම්භ කරයි.

ඊයේ(20) බයිඩ්න් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙද්දී කමලා හැරිස් උප ජනාධිපති ධූරය සඳහා දිවුරුම් දෙක ලදි.

එම දිවුරුම්දීමේ උත්සවය සඳහා අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් මෙන්ම ගායක ගායිකාවන් සහ නළු නිළියන් ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වී සිටියහ.

නමුත හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමේ උත්සවයට පැමිණ සිටියේ නැත.

බයිඩ්න් දිවුරුම් දී පැය කිහිපයකට පසු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇතැම් ප්‍රධාන ප්‍රතිපත්ති අහෝසි කිරීමට පටන් ගෙන තිබේ.

එසේම කොරෝනා වෛරස් අර්බුදයට ෆෙඩරල් ප්‍රතිචාරය ඉහළ නැංවීම සඳහා නව ජනාධිපතිවරයා විසින් විධායක නියෝග 15 කට අත්සන් තැබීය.

කොරෝනා වයිරස් ව්‍යාප්තිය මැඩලීම සිය පළමු රාජකාරිය කර ගන්නා බව බයිඩ්න් කියා සිටියේය. ඔහු රාජකාරි ආරම්භ කළ අද දිනයේ සිට දින 100 ක් යනතුරු එන්නත් මිලියන 100 ක් ලබා දීමට කටයුතු සූදානම් කර තිබේ.

මීට අමතරව දේශගුණික විපර්යාස සහ සංක්‍රමණ පිළිබඳ ට්‍රම්ප් පරිපාලනයේ නියෝගයන් ද සංශෝධනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *