කලාශූරී එඩ්වින් ආරියදාස සමුගනී

(කොළඹ, ලංකාපුවත්) –ජන සන්නිවේදන අංශයේ ප්‍රවීනයෙකු ලෙස හැඳින්වෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කලාශූරී, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අද(22) අභාවප්‍රාප්ත විය.

ආරියදාස මහතා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම වියතෙකු ලෙස ද සැලකෙයි. ඒ මහතා “ඇවිදින පුස්තකාලය” යන නමින්ද අමතනු ලැබිණි.

ඉකුත් දෙසැම්බර් 3 වැනි දින ආරියදාස මහතා 99 වැනි වියට එළඹි යේය.

සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙක විශිෂ්ට ලෙස හැසිරවීමෙහි සමත්කම් දැක්වූ එඩ්වින් ආරියදාස මහතා විචාර ලිපි ගණනාවක් ද රචනා කර ඇත. හෙතෙම ‘ලෝක ඉතිහාසය’, ඇමෙරිකානු ජනපති දේශන ඇතුළත් ‘විමුක්ති ප‍්‍රකාශ’ ඇතුළු කෘති කිහිපයක් ම පළ කර තිබේ.

ජනමාධ්‍යය ක්ෂ්ත්‍රයට පා තබමින් ඒ මහතා 1949 දී ලේක්හවුස් ආයතනය සමඟ සම්බන්ධ වෙයි. ලේක් හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී.ආර් විජේවර්ධන මහතා මිය යෑමට පෙර ඒ මහතා සමඟ කටයුතු කළ ජීවතුන් අතර සිටි එකම මාධ්‍යවේදියා ලෙස ද එඩ්වින් ආරියදාස මහතා සැලකේ.

ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන ඇතුළු සම්මාන 300කට වැඩි ප්‍රමාණයක් හිමිකරගත් ඒ මහතා විවිධ රාජ්‍ය ආයතනවල උසස් තනතුරු ද හෙඹවීය.

ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *