දිනක් තුළ වාර්තා වු වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ

(කොළඹ, ලංකාපුවත්) –දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ(21) වාර්තා විය.

ඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 887ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වේ.

වාර්තා වූ ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් 19 පොකුරේ ආශ්‍රිතයන් 866ක්, බන්ධනාගාර කොවිඩ් 19 පොකුරෙන් 7ක් සහ විදේශයන්හි සිට පැමිණි 14ක් (කටාර් සිට 8ක්, කුවේට් සිට 3ක්, රුසියාවේ සිට 1ක් , එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට 1ක්, යුක්‍රේනයේ සිට 1ක්) වේ.

මිට පෙර දිනක් තුල වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 878 දෙනෙකු පසුගිය වසරේ දෙසැම්බර් මස 02 වෙනිදා වාර්තා විය.

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 56,076ක් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7,816ක් වේ.

සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති ආසාදිතයින් සංඛ්‍යාව 47,984ක් වන අතර ඊයේ වාර්තා වු නව කොරෝනා මරණ 02ත් සමගින් වාර්තා වී ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 276ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *