(කොළඹ, ලංකාපුවත්) – ඊයේ(24) තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 283කි.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 77හැවිරිදි කාන්තාවක්, මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි 84හැවිරිදි කාන්තාවක් සහ පූජාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 65හැවිරිදි කාන්තාවකි.