චීනයෙන් ලංකාවට කොවිඩ් එන්නත් ලක්ෂ තුනක්

(කොළඹ, ලංකාපුවත්) –චීනයේ නිෂ්පාදිත කොරෝනා වෛරස මැඩලීමේ එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් ශ්‍රි ලංකාවට ප්‍රදානය කරන බව චීන තානාපති කාර්යාලය අද නිවේදනය කළේය

මෙම එන්නත් තොගය ලබන මස මැද භාගයේ දී ශ්‍රි ලංකාවට ලබා දීමට නියමිතය

මෙම එන්නත චීනයේ සිනොෆොර්ම් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබයි

79%-86 % ත් අතර ශක්‍යතාවයක් පෙන්නුම් කරනු ලබන මෙම එන්නත ඉල්ලුම හමුවේ නිෂ්පාදන ඵලදායීතාවය සීමා වූවද එන්නත් තුන් ලක්ෂයක ප්‍රමාණය මෙරටට ලබා දෙන බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *