JAT Holdings පිය-පුතු දෙපළ LMD සඟරාවේ විශිෂ්ටතම ශ්‍රී ලාංකිකයන් ලැයිස්තුවේ

(කොළඹ, ලංකාපුවත්) –JAT Holdings සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුතු වන, JAT Holdings සමාගමේ අධ්‍යක්ෂ සහ ක්‍රමෝපායික සැලසුම් ප්‍රධානී රිචඩ් ගුණවර්ධන මහතා LMD ව්‍යාපාරික සඟරාව මගින් නම්කරන ලද 2020 විශිෂ්ටතම ශ්‍රී ලාංකිකයන් අතරට එක්වීමට සමත් වී තිබේ.

ඊලියන් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ වර්ධනයට උරදෙන විශිෂ්ටතම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් 100 දෙනා අතරට එක්වී සිටින අතර, රිචඩ් ගුණවර්ධන මහතා ‘Leading Millennials’ 25 දෙනාගේ ලැයිස්තුවට එක්වී සිටී.

එපමණක් නොව, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය පිරිනැමූ, වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකික ව්‍යවසායකයා සඳහා වන ප්ලැටිනම් සම්මානයද ඊලියන් ගුණවර්ධන මහතා වෙත හිමි විය. JAT Holdings සමාගම රටේ ප්‍රමුඛතම ව්‍යාපාරයක් මෙන්ම ජනප්‍රියතම සේවායෝජක සන්නාමයක් බවට පත්කිරීම සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ ඊලියන් ගුණවර්ධන මහතා වසරේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයන් ලැයිස්තුවේ ඉහළම තලයේ ව්‍යාපාරිකයන් 23 දෙනා අතරට එක්වීමටද සමත් වී ඇත.

ඊලියන් ගුණවර්ධන මහතාගේ පුතු වන රිචඩ් ගුණවර්ධන මහතා ප්‍රධාන වශයෙන් ඇගයීමට ලක්වී ඇත්තේ පුළුල් පරාසයක පැතිරුණු අත්දැකීම් හිමි අලෙවිකරණ වෘත්තිකයෙකු වශයෙනි. ඒ මහතා JAT ආයතනය තුළ නම්‍යශීලී සහ නවෝත්පාදන මුල්කරගත් සම්ප්‍රදායක් පවත්වාගැනීම සඳහා විශාල දායකත්වයක් ලබා දී තිබේ. එමෙන්ම ඒ මහතා JAT Property Group හිසහ Ceylon Hemp Effect හි සම නිර්මාතෘ වන අතර, EO Sri Lanka හි සමාරම්භක සාමාජිකයෙකුද වේ.

වසර 28 ක් වැනිකෙටි ඉතිහාසයක් සහිත සන්නාමයක් ලෙස, මේ ආකාරයට ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායක වන විශිෂ්ටතම ව්‍යාපාරික නායකයන් 100 දෙනා සහ විශිෂ්ටතම තරුණ ව්‍යවසායකයන් 25 දෙනා අතරට තම කළමනාකාරීත්වයේ සාමාජිකයන් දෙදෙනෙකු නම්කරනු ලැබීම JAT Holdings සමාගම ලද විශාල ගෞරවයකි. LMD සඟරාවේ මෙම විශිෂ්ටතම ව්‍යාපාරික ලැයිස්තු වලට ඇතුළත් වී සිටින්නේ COVID-19 රෝග ව්‍යාප්තිය නිසා ව්‍යාපාර ලෝකයට මුහුණ දීමට සිදුවූ දැවැන්ත අභියෝග හමුවේ පවා අඛණ්ඩව පෙරට යාමට අවශ්‍ය හැකියාව හා ශක්තිය පෙන්නුම් කළ ප්‍රමුඛතම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන් පිරිසකි.

1993 වසරේදී ආරම්භ වූ JAT Holdings සමාගම වර්තමානය වනවිට ගෘහ අලංකරණ හා නිමැවුම් කර්මාන්තයන්හි කාණ්ඩ රාශියක් ආවරණය කරන ප්‍රමුඛතම සන්නාමයක් බවට පත්වී ඇත. මේ වනවිට එම සමාගම ලොව ජනප්‍රිය සන්නාම රැසකට අයත් නිෂ්පාදන වර්ග රාශියක්මෙරට තුළ අලෙවි කරයි. “WHITE by JAT” සන්නාමය යටතේ හඳුන්වා දුන් Brilliant White Decorative Emulsion සහ Weather coat තීන්තවර්ග මේ අතරට අලුතින්ම එක්වූ නිෂ්පාදන වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *