අමෙරිකාව මුව ආවරණ පැළදීම අනිවර්ය කරයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ සියලුම ජනතාවට අද(01) සිට පොදු ප්‍රවාහනය භාවිතා කරන අවස්ථාවන් දී මුව ආවරණ පැළදීම අනිවාර්ය කර ඇති අතර මෙම නියෝගය සියලුම ප්‍රවාහන මාධ්‍යයන් සදහා පනවා ඇතැයි එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන නිවේදනය කරයි.

ඒ අනුව ගුවන් යානා, නෞකා, දුම්රිය, බස් රථ, කුලී රථ වැනි පොදු ප්‍රවාහන සේවා සහ පොදු ප්‍රවාහන මධ්‍යස්ථානයන්වන ගුවන්තොටුපල, බස් හෝ නෞකා තොටුපළ පර්යන්ත, දුම්රිය නැවතුම්පලවල්වලදී මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය කෙරේ.

නව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙම නියෝගය ජනවාරි 21වනදා එරට ප්‍රවාහනය සදහා වූ සියලුම රජයේ ආයතනවලට බලාත්මක කිරීමට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *