රුසියාවේ ස්පුට්නික් එන්නත ලබා ගැනීමේ සාකච්ඡා

(කොළඹ, ලංකාපුවත්) –රුසියාවේ නිෂ්පාදනය කෙරෙන ස්පුට්නික් කොවිඩ් මර්ධන එන්නත ශ්‍රී ලංකාවට ලබා ගැනීමට සම්බන්ධයෙන් ඉදිරි දිනවල දී සාකච්ඡාවන් කිහිපයක් පැවැත්වෙන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

ස්පුට්නික් එන්නත මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ අදාළ එන්නත නිපදවන සමාගම අතර මේවන වනවිට මූලික එකඟතාවන්ට පැමිණ ඇති බව ද සදහන් වේ.

එසේම චීන රජයෙන් ද කොවිඩ් මර්ධන එන්නත් ලක්ෂ 03ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද තවත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වෙන් බව ලලිත් වීරතුංග මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *