මෙරට සියලු ගුරුවරුන්ට කොවිඩ් එන්නත

(කොළඹ, ලංකාපුවත්) –මේ මස අග භාගය වන විට මෙරට සමස්ත ගුරුවරුන්ට කොවිඩ් 19 එන්නත ලබා දීමට හැකි වනු ඇති බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී එල්. පීරිස් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව කියා සිටි ඒ මහතා මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යසාධක බළකයේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා සමඟ කතා කළ බවත් ගුරුවරුන්ට කොවිඩ් එන්න්ත ලබා දීමට මේ මස අග වනවිට හැකි වනු ඇති බවට ඒ මහතා ප්‍රකාශ කළ බවත් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ස්ථීර පොරොන්දුවක් දේනන බැහැ. එය ලබා දීමට හැකියාවක් පවතින බව කිව හැකියි. ගුරුවරුන් කියන්නේ දිනපතා සිසුන් සමඟ ගැටෙන පිරිසක් ගුරුවරුන්ට මේ එන්නත ලබා දීම සාධාරණ සහ යුක්ති සහගතයි කියන මතයේ අපි සිටිනවා ඒ නිසායි අපි මේ ගැන අවධානය යොමු කළේ යැයිද ඒ මහතා කියා සිටියේය. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (01) නෙලුම් මාවතේ පිහිටි මාධය හමුවේදී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + 13 =