ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනාවලට මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී හොදින් මුහුණ දිය හැකියි

(කොළඹ, ලංකාපුවත්) – මානව හිමිකම් කඩ කළ බවට ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනාවලට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයේදී  ඉතා හොදින් මුහුණ දීමට හැකියාව තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් දිය යුතු පිළිතුරු අවශ්‍ය වේලාවේදි ලබා දෙන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ,සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මෙම චෝදනාව පදනම් විරහිත බවත් මේ සඳහා විද්‍යානුකූල පදනමකින් කරුනු කාරණා සහිතව පිළීතුරු ලබාදෙන බවත් පැවසු අමැතිවරයා පෙන්වා දුන්නේ යහපාලන රජය සමයේ මුලින්ම සිටි විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා එවකට ඇමරිකාව සමග සම අනුග්‍රහයක් දක්වමින් ඉදිරිපත් කළ 30/1 අවාසනාවන්ත යෝජනාවේ ප්‍රතිඵල අප දැන් විඳිමින් සිටින බවයි.

මානව හිමිකම් සම්බන්ධයෙන් මේ වන විට රජයට එල්ල වන චෝදනා පිළිබඳව අමාත්‍යවරයාගෙන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අද(02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා,

මෙවර සැසිවාරයට ඉදිරිපත් වන කණ්ඩායම පිළීබඳව අවසන් තීරණයකට තවම එළඹී නැහැ.මේ සඳහා යන කණ්ඩායම විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේප්‍රධානත්වයෙන් බොහෝදුරට සිදු වේවි. අවසන් තීන්දුවක් ගැනීම මතුවන අවශ්‍යතාව අනුව තීරණය වේවි.

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පිළීතුරු දිය යුතු ප්‍රශ්න තේරුම් බේරුම් කර ගැනීම ඉතා වැදගත්.විවිධ විවිධ රාජ්‍යයන්වල විවිධ දේශපාලන අවශ්‍යතා තිබෙනවා. රාජ්‍ය බලපෑම් ඩයස්පෝරා බලපෑම් තිබෙනවා.මේ පීඩනයන් ගැන අප නොදන්නවා නොවේ.මේවාට අවශ්‍ය ප්‍රමානයෙන් පිළීතුරු දෙන්න අප සූදානම්.ප්‍රශ්න කොතෙක් ආවත් පීලිතුරු දිය යුත්තේ කුමකටද කියා අප දන්නවා.නීත්‍යානු කුල බැඳීමි මොනවාද ඉදිරියේදී එන තත්ත්වයන්ට මුහුණ දිය යුත්තේ කෙසේද කියා අප දන්නවා.

ඇත්තටම මේ ගැටලුවට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා.2010-2015 කාලයේ දී ,එවකට පැවැති රජය සමයේ අප අපේ ස්ථාවර ය පැහැදිලිව ජගත් මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කළා.නමුත් අවාසනාවට 2015 න් පසුව පැමිණී යහපාලන රජයේ හිටි මංගල සමරවීර විදේශ කටයුතු ඇමැතිවරයා 30/1 යෝජනාව ,ඇමරිකාවට සම අනුග්‍රහය දක්වමින් ,අප වැරැදි කළා කියලා යෝජනාවක් ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵල තමයි අපි මේ භුක්ති විඳින්නේ. යැයිද ඇමැතිවරයා මෙහිදී පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *