ලක්ෂයක ඉක්මවූ පිරිසකට කොවිඩ් එන්නත

(කොළඹ, ලංකාපුවත්) –මෙරට පුද්ගලයන් එක් ලක්ෂ දහඅට දහස් හත්සිය හැට හත් දෙනෙකුට මේ වනවිට කොවිඩ් එන්නත ලබාදී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා ආරක්ෂක අංශ සාමාජිකයන්ට එහිදී ප‍්‍රමුඛත්වය හිමිව ඇත.

ඊයේ(02) දිනයේ දී පමණක් එන්නත ලබා ගත් ගණන 23,217කි.

ඉදිරියේදී ප‍්‍රමුඛතා අනුව ජනතාවට එන්නත ලබාදෙන බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 9 =