නිදහස් දිනය සමරා නුවරඑළියේ විශේෂ උත්සවයක් – ග්‍රේගරි වැව පරිශ්‍රයේ දී මහරත් මල් පැල සිටවයි

(කොළඹ, ලංකාපුවත්) – “ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යමත් මව්බිමක්” තේමාව යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 73 වන අභිමානවත් ජාතික නිදහස් දින සමරු උළෙලට සමගාමීව නුවරඑළිය පුරපති චන්දන ලාල් කරුණාරත්න, දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ග්‍රේගරි වැව පරිශ්‍රයේ දී නිදහස් දින සමරු උත්සවයක් පසුගියදා (04) පැවැත්විණි.

නුවරඑළිය පුරපති චන්දන ලාල් කරුණාරත්න, දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර යන මහත්වරුන් එක්වජාතික කොඩිය එසවීමෙන් පසු ජාතික ගීය ගායනා කරන ලදි.

අනතරුව සර්ව ආගමික වතාවත් සිදු කළ අතර ඉන් පසු සභාව ඇමතූදිසාපති වරයා සඳහන් කලේ නිදහස තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා සෑම දෙනා එක්ව රට ගැන සිතා කටයුතු කිරීම වැදගත් බවය.

මෙයට සමගාමිව ග්‍රේගරි වැව පරිශ්‍රයේ දි රුක් රෝපණ වැඩ සටහනක් පැවැත්විණි එහිදි මධ්‍යම පළාත් පුෂ්පය වන මහරත් මල් පැල රෝපණය කිරීම සිදුවිය.

මේ අවස්ථාවට නුවරඑළිය මහ නගර සභාවේ උප නගරාධිපතිනිය ඇතුළු මහජන නියෝජිතයින්,නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් පි.ඒ්. සරත් චන්ද්‍ර, නාගරික කොමසාරිස් සුජිවා බෝධිමාන්න, ප්‍රාදේශිය ලේකම් විදුර සම්පත්, සහකාර දිස්ත්‍රික් ලේකම්ශාලිකා ලිඳකුඹුර යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 5 =