මත්තල ගුවන්තොටුපලේ ජාත්‍යන්තර ගුවන් ගමන් නියමිත කාල සටහනකට යළි ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ජාත්‍යන්තර ගුවන් ගමන් නියමිත කාල සටහනකට අනුව යළි ඇරඹෙයි.

ඒ අනුව කසකස්ථාන ජාතික ගුවන් සේවය වන එයාර් අස්තානා ගුවන් සේවය පසුගියදා (06) සිට මත්තලට සිය ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ආරම්භ කළේය.

2015 වසරේදී මත්තල රජපක්ෂ ගුවන්ටතාටුපලේ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් නතර කිරීමෙන් පසු නියමිත කාල සටහනකට අනුව ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් යලි ආරම්භ වූ පලමු අවස්ථාව මෙය බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොවිඩ් වසංගතය නිසා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් රැගත් ගුවන් යානා හා සංචාරකයන් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාපෘතියට අදාල විශේෂ ගුවන් යානා මත්තල ගුවන් තොටුපලට පැමිණිය ද ජාත්‍යන්තර ගුවන් සමාගමක් නිල වශයෙන් මත්තල ගුවන් තොටුපලට නියමිත කාල සටහනකට අනුව ගුවන් ගමන් ආරම්භ කරන්නේ 2015න් පසු පලමු වතාවට බවද ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × two =