realme C20 ශ්‍රී ලංකාවේ ප්‍රවේශ මට්ටමේ ස්මාර්ට් දුරකථනයට නව නිර්වචනය

(කොළඹ, ලංකාපුවත්) – ලෝකයේ වේගයෙන් වර්ධනය වන ස්මාර්ට්ජංගම දුරකථන සන්නාමය වන realmeවිසින්,realmeC 20කාණ්ඩය නිල වශයෙන් ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කරන බව 2021පෙබරවාරි 5වන දින කොලඹ දී නිවේදනය කළේය.

C ශ්‍රේණියට අළුතින්මඑක්වන 5000mAhබැටරියක්, teardropරටාවසහිතඅඟල් 6.5ක ප්‍රමාණයේ තිරයක්, සහප්‍රබලMediaTek Helio G35 Octa-core ප්‍රොසෙසරයකින් සමන්විත වන අතර එය අඩු මිලදුරකථනඅවශ්‍යතා සඳහා ඉතාහොඳ විසඳුමක් ලබා දෙයි.

ඉහළ ධාරිතාවකින් යුත් බැටරියකින් සහ ත්‍රිමාණ පිළිබිඹුවක් සහිතතිරයකින් යුක්තrealmeC කාණ්ඩයේ දුරකථන පෙළ ශ්‍රීලංකාව තුළ ආරම්භයේ පටන් පුළුල් පරාසයක් ආවරණය කරමින් තාරුණ්‍යයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් නිපදවා ඇත.

“realmeC 20ස්මාර්ට් ජංගම දුරකථනය ඇදහිය නොහැකි අඩු මිලකට පිරිනමනඅතර එහි අද්විතීය හා අසමසම අංග ඇතුළත්වේ. එමඟින් ශ්‍රී ලංකාවේ සෑම කෙනෙකුටම ස්මාර්ට් ජංගම දුරකතනයක් හරහා ලබා දෙන නවීන තාක්ෂණයඅත්විඳීමේහැකියාව ලබාදෙයි. මෙම ආකර්ෂණීය අංගයන් තාරුණ්‍යයේ ජීවන රටාව සහ ආකල්පවලට බෙහෙවින් අනුකූලවේ.‘Dare to Leap’ යන තේමාව යටතේ ක්‍රියාත්මකවන realmeC 20ස්මාර්ට් ජංගම දුරකථනය මගින් තරුණ තරුණියන්ට ඔවුන්ගේ හැකියාවන් ගවේෂණය කරමින් හා ප්‍රශස්ත කරගනිමින් නව අවස්ථාවන් කරා යාමේ හැකියාව ලබාදෙයි” යනුවෙන් realme ශ්‍රී ලංකා ආයතනයේ සන්නාම කළමනාකරු වන රනුර කඩුවෙල මහතා පැවසුවේය.
realmeC20 සඳහා භාවිතා කරන 5000mAh බැටරිබලය දින 43 ක් පවතින අතර එය ඉහළම ප්‍රමිතීන්ට අනුකූල වේ.

“Battery King of Entry-level Smartphone”යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන realmeC 20 ස්මාර්ට් ජංගම දුරකථනයභාවිතකරනතරුණ තරුණියන්ට තම මිතුරන් සමඟ කතාබස් කරමින් සිටියදී, වීඩියෝ නරඹමින්සිටියදී හෝදුරකථනය භාවිතයෙන් ක්‍රීඩා කරන විට ඔවුන්ගේ දුරකථනයේ බැටරි සිඳීම ගැන කරදර විය යුතු නැත.
realmeC20 හි අඟල් 6.5 ක විශාල තිරය අතිවිශිෂ්ට අත්දැකීමක් ලබා දෙන අතර පශ්චාත් වසංගත සමය තුළ නිවසේ සිට ඉගෙන ගන්නා හෝ වැඩ කරන ඕනෑම කෙනෙකුට එය වඩාත් පහසුවක් සලසයි. teardrop රටාව මඟින් දර්ශන තිරයේ අවධානය වෙනතකට යොමු කරන අංග අඩු කරන අතර එමඟින් තිරයසහ ශරීරය අතර අනුපාතය89.5%ක මට්ටමට පවත්වාගනී.

realme ස්මාර්ට් ජංගම දුරකතනයේ මෙහෙයුම් පද්ධතිය Andriod 10 පදනම් කරගත් realmeUI මත ක්‍රියාත්මක වන අතර, එය 32GBප්‍රමාණයක අභ්‍යන්තර දත්ත ගබඩාකිරීමේ හැකියාවකින් යුක්ත වේ. තාරුණ්‍යට ගැලපෙන, ආකර්ෂණීය මෝස්තරයන්ගෙන් සමන්විත realmeC20 කළු සහ නිල් වර්ණයන්ගෙන් ලබාගත හැකිවේ.මෙහි ගුණාත්මක ප්‍රමිතීන් සහතික කිරීම සඳහා Realmeපර්යේෂණාගාර තුළ දැඩි තත්ත්ව පරීක්ෂණයන් සිදු කර ඇති අතරSplash-Resistant මෝස්තර සමඟCorning Gorilla Glass 3 මගින් ආරක්ෂා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + twelve =