පාකිස්තාන-ශ්‍රී ලංකා සංචාරක ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව දෙරට අතර සංචාරක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට රජය සැරසෙයි.

මේ සදහා වන ගිවිසුමක් මේ වන විටත් කෙටුම්පත් කොට ඇති අතර ඊට නීතිපතිවරයාගේ අනුමැතියද හිමිව ඇති බව රජයේ ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගැනීම මේ ගිවිසුමේ අරමුණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *