(කොළඹ, ලංකාපුවත්) – මාධ්‍ය නියාමනයක් සිදු කර වාරණය කරනවා යැයි කීම කිසියම් පාර්ශවයක් විසින් සංවිධානාත්මකව නිර්මාණය කරන ලද පට්ටපල් බොරුවක් බවත් මාධ්‍යයට යම් ප්‍රතිපත්ති රාමුවක් ගෙනඑනවා නම් එය සිදු කරන්නේ මාධ්‍යකරුවාගේ වටිනාකම රැකගැනීමට බවත් ජනමාධ්‍ය ඇමැති ,සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.
මාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවන සුළුතරයක් මෙන්ම මාධ්‍ය අනිසි විදියට හසුරවන්නන් මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදු කරන බවද ඇමැතිවරයා අවධාරණය කරයි.
ඇමැතිවරයා මේ බව පැවසුවේ අද(09) දින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී’මූලික පුරවැසි ජනමාධ්‍ය ප්‍රතිපත්තිය, සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය මර්දනය කිරීමේ පියවරක්ද? යනුවෙන් මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළීතුරු ලබා දෙමිනි.