ඉරානයට එරෙහි සම්බාධක ඉවත් නොකරන බව අමෙරිකාව කියයි

(කොළඹ, ලංකාපුවත්) –ඉරානයට එරෙහි සම්බාධක ඉවත් නොකරන බව අමෙරිකාව සදහන් කරයි. 2015 න්‍යෂ්ඨික ගිවිසුම යටතේ එකඟ වූ කොන්දේසිවලට අනුකූලවන තෙක් සම්බාධක ඉවත්කර නොගන්නා බව අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සදහන් කර ඇත.

අමෙරිකානු ජනාධිපතිවරයා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඉරානය පිළිබඳ ඉදිරි සැලසුම් පවසා තිබේ.

අදාළ සම්බාධක හේතුවෙන් ඉරානයේ කොරෝනා වසංගත තත්ත්වය පාලනයට අවශ්‍ය කරන ඖෂධ හා භාණ්ඩ ගෙන්වා ගැනීමට ද ගැටලුකාරී තත්ත්වයක් මතු කර ඇතැයි වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *