පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශ ගැන කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමට විශේෂිත දිනයක්

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමට විශේෂිත දිනයක් නුදුරේදීම ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ජනමාධ්‍ය ඇමැති ,සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.

ඊයේ (08) රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී ඒ පිළීබඳව සාකච්ඡා නොකෙරුණු බවද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියකු අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරික්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පෙබරවාරි මස 1 වන දින භාර දෙනු ලැබීය.

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ ඉන් අනාවරණය වන තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් 22 වනදා මෙම කොමිසම පත්කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *