ආදරවන්තයින්ගේ දිනයට අන්තර්ජාලයෙන් එන මුදල් වංචාකරුවන්ට නොරැවටෙන්න

(කොළඹ, ලංකාපුවත්) –ආදරවන්තයින්ගෙන් දිනය නිමිත්තෙනන් අන්තර්ජාලය හරහා ඇතැම් පුද්ගලයින් මුදල් වංචා සිදු කරන බවට තොරතුරු ලැබී තිබෙන බවත් එවැනි වංචාකරුවන්ට නොරැවටෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දන්වා සිටියි.

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් තම ආදරවන්තයාට හෝ ආදරවන්තියට යම් ත්‍යාග ලැබී ඇති බවට සඳහන් කරමින් එවැනි දෑ ලබාගැනීම සඳහා අන්තර්ජාලය හරහා මුදල් ලබා දෙන ලෙස සඳහා පණිවුඩ තමන්ගේ දුරකතනවලට ලැබීමට ඉඩ තිබෙන බැවින් එවැනි වංචාවන්ට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *