ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා රාගම රෝහලේදී ඊයේ(11) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඔහු 56 වැනි වියේ පසු විය.

රංගන ශිල්පියකු, නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු, ගුවන් විදුලි පිටපත් රචකයකු, ගුරුවරයකු, ලේඛකයකු මෙන්ම වේශ නිරූපන ශිල්පියකු ලෙසින්ද ඔහු කටයුතු කර තිබේ.

එසේම ජයලාල් රෝහණ මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයකු ලෙසද, පාසල් විෂය ධාරාව සඳහා නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරයකු ලෙසද ‍සේවය කළේය.

ඉසුරු යෝගය ටෙලි නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් වසර 2006 වසරේදී හොඳම නළුවා සම්මානයෙන්ද ජයලාල් රෝහණ පිදුම් ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *