ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

(කොළඹ, ලංකාපුවත්) – ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ කොන්සියුලර් අවශ්‍යතා මාර්ගගත ක්‍රමය යටතේ සිදු කිරීමට සැලසුම්කර තිබේ.

විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව වේලාව වෙන් කරගෙන ඉතාලියේ මිලාන් හි පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් කාර්යාලයේදී මර්ගගත ක්‍රමයට කොන්සියුලර් සේවා ලබා ගැනීමට හැකිවන බවය.

මීට අමතර පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව රෝමය සහ මිලාන් නගරවලින් පිටත තෝරාගත් ස්ථානයන්හිදී ද ජංගම කොන්සියුලර් සේවාවන් සැපයීමට කටයුතුකර ඇති බව සඳහන් වේ.

පවතින වසංගත තත්ත්වය හමුවේ වුවද ඉතාලියේ ශ්‍රී ලංකා දූත මණ්ඩල අඛණ්ඩව මහජන සේවාවන් සපයන බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *