භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ නිර්මාණයට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බවට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන ඉන්දීය නිවාස ඇමැති අමිත් ශාහ් ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාවේ පැවැති මහජන සමුළුවක දී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙන අතර අසල්වැසි ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂයක් ඇති කිරීමට පක්ෂය විසින් අදහස් කරගෙන ඇති බව සඳහන් කර ඇත.

ඉදිරි කාලය තුළ නේපාලයේ ද සිය පක්ෂයේ සංවිධාන කටයුතු ආරම්භ කරන බව ප්‍රකාශකර ඇති ඉන්දීය නිවාස ඇමැතිවරයා ශ්‍රී ලංකාව තුළ පක්ෂය ස්ථාපනය කිරීමෙන් පසු මැතිවරණයන්ට ඉදිරිපත් වන බවද සඳහන් කර ඇතැයි වාර්තා වෙයි.

භාරතීය ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක් බවට පත්කිරීමේ අරමුණින් අදාළ කටයුතු සිදුකරන බවට ඉන්දීය නිවාස ඇමැති අමිත් ශාහ් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *