අපේ රටට බලපෑම් එල්ල කරන්න ඉන්දියාවට හැකියාවක් නැහැ – ඇමැති මහින්ද අමරවීර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව නිදහස් , ස්වාධීන රටක් වන අතර අපේ රටට බලපෑම් එල්ල කරන්නට ඉන්දියාවට හැකියාවක් නැතැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

මාධ්‍යයන්හි පළ වී තිබෙන ,භාරතීය ජනතා පක්ෂයේ නායකයෙක් යටතේ ශ්‍රීලංකාවේ රජයක් පිහිටුවන බව ඉන්දීය දේශපාලඥයෙක් විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් කරමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකාව නිදහස් හා ස්වාධීන රටක්. ඊට බාධා කරන්නට හෝ අත පොවන්නට හෝ කිසිදු රටකට ඉඩක් හෝ අයිතියක් නොමැති බවයි. ජනමාධ්‍ය තුළ පළ වී ඇති අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාවය ගැන දන්නේ නැහැ. නිදහස් රටක් වශයෙන් එවැනි අත පෙවීම් කවර රටක් වුවද සිදු කරන්නේ ද ඒ සඳහා වත්මන් රජය වශයෙන් විරෝධය පළ කරනවා.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමකට නොදීම නිසා මෙවැනි අදහසක් ප්‍රකාශ කලා දැයි ඇතැම් අය විමසනවා . දේශීය සම්පත් ඉන්දියාවට නොව වෙනත් කවර රටකට වුව පැවරීම සම්බන්ධව මමකවදත් විරුද්ධ යි.. ඇතැම් විට මෙවැනි මතයක් ඉන්දීය දේශපාලනඥයෙක් විසින් ප්‍රකාශ කරන ලද්දේ ජැටිය ඉනිදීය සමාගමට නොදුන් නිසා විය හැකියි. ඒ ගැන අපට මත පළ කරන්නට බැහැ.

අප රටේ රජයක් පිහිටුවන්නේ මේ රටේ ජනතාව මිස ඉන්දියාවේ ජනතාව නොවේ., රටේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම සඳහා රටක ජනතාව විසින් රජයන් පත් කර ගන්නවා ‘යැයි ඇමැතිවරයා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *