නවලෝක රෝහල ශ‍්‍රී ලංකාවේ පළමු ‘Drive-thru රසායනාගාර සහ වෛද්‍ය චැනලින් සේවාව ආරම්භ කරයි

(කොළඹ, ලංකාපුවත්) – කෝවිඞ් වසංගතයෙන් සිය රෝගීන් සහ කාර්යමණ්ඩලය ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරන පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රයේ නියමුවා වන නව ලෝක රෝහල් සමූහය ශ‍්‍රී ලංකාවේ පළමු ‘Drive-thru රසායනාගාරය සහ චැනලින් සේවාව අරඹන ලදි.

අති නවීන උපාංගයන් ගෙන් සමන්විත මෙම ‘drive-thru express රසායනාගාරයන් කොළඹ සහ මීගමුව නවලෝක රෝහල් පරිශ‍්‍රයන්හි ස්ථාපනය කර ඇත. නවලෝක රසායනාගාර සමූහයට අයත් මෙම ‘Drive-thru රසායනාගාරය සහ චැනලින් සේවා මධ්‍යස්ථානය, නවලෝක රසායනාගාර ජාලයට අයත් සෙසු රසායනාගාරයන් මෙන්ම නිරවද්‍යබව, ආරක්ෂිතබව සහ පාරිභෝගික පහසුව උපරිම කරවන ආකාරයට සිය සේවාවන් පවත්වාගෙන යනු ලබයි. ශ‍්‍රී ලාංකීය සුවසේවා ක්ෂේත‍්‍රයට නවතම අත්දැකීමක් එක් කළ නවලෝක රසායනාගාරයන් නවලෝක රෝහල් සමූහයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස සහ උපසභාපති හර්ෂිත් ධර්මදාස යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

මෙහි ඇති අනෙකුත් විශේෂත්වයන් අතර මෝටර් රථයේ සිටම වෛද්‍ය පරීක්ෂණයන් සිදු කර ගැනීමේ හැකියාව , රුධිර සහ මුත‍්‍ර සාම්පල් මෝටර් රථයේ සිටම භාරදීමේ හැකියාව සහ මෙහිදී සිදුකෙරෙන රසායනාගාර පරීක්ෂාවන් විනාඩි 6ක් වැනි ඉතා සුළු කාලයක් තුළ සිදු කර ගත හැකි වීම පෙන්වා දිය හැක. රෝගීන්ගේ රසායනාගාර වාර්තා NawalokaCare ජංගම දුරකථන යෙදවුම තුළින් මෙන්ම Drive-thru කවුළුවෙන් ද ලබා ගත හැක. මීට අමතරව 600කට අධික විශේෂඥ වෛද්‍ය චැනලින් සේවා, සීටී හෝ MRI පරීක්ෂණ වාර්තා මෙහිදී ලබා ගත හැක.

කොළඹ සහ මීගමුව යන නගරයන්හි පිහිටුවා ඇති නවලෝක ‘Drive-thru රසායනාගාරයන් වෙත පැමිණෙන රෝගීන්ට සිය රසායනාගාර සාම්පලය භාරදීම හෝ විශේෂඥ වෛද්‍ය චැනලින් පහසුකම මෝටර් රථයේ සිටම සිදු කරගත හැකි අතර මෙහි සේවය කරන විශේෂ පුහුණුවක් සහිත රසායනාගාර වෘත්තිකයින් ආරක්ෂිත උපාංගයන් සහිතව සිටින බැවින් රෝගීන් හෝ ඔවුන් සමග පැමිණෙන පුද්ගලයින් සහ කාර්යමණ්ඩලය අතර දුරස්ථභාවයක් සහිතව සේවාවන් ලබා ගැනීමේ පහසුකම පාරිභෝගිකයින්ට හිමිවේ. මෙම පියවරයන් මගින් කෝවිඞ් වසංගතයට ගොදුරු වීමේ අවස්ථාවන් උපරිම ලෙස මගහරවා ගැනීමට නවලෝක රෝහල් සමූහයට හැකිව තිබේ. වෛද්‍ය පරීක්ෂණ නියැදි රැස් කිරීමේ මධ්‍යස්ථාන ගණනාවක් නවලෝක රසායනාගාර සේවාව මගින් ආරම්භ කර ඇත. මෙම මධ්‍යස්ථාන ගම්පහ නවලෝක මෙඩිකෙයාර්, මහනුවර සුවසෙවන රෝහල, නවලෝක රසායනාගාරය ගාල්ල, යන ප‍්‍රදේශවල පිහිටා ඇති අතර නුදුරේදී තවත් මධ්‍යස්ථාන දෙකක් රත්නපුර සහ කුරුණෑගල දී විවෘත වීමට නියමිතය.

මෑතකදී කෝවිඞ් වසංගතයට ගොදුරු වූවන්ගේ ශීඝ‍්‍ර වර්ධනයක් පෙනෙන්නට තිබු අතර දෛනික ජීවිතය තුළ පුද්ගල ආරක්ෂාව සඳහා ඉහළ අවධානයක් ලබා දෙන්නට අපට සිදුව තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ පළමු වරට මෝටර් රථයේ සිටම සිය රසායනාගාර සේවා සහ චැනලින් සේවා ලබා ගත හැකි .ෘරසඩැ-එයරම රසායනාගාර සේවාව තුළින් ආරක්ෂිතව සහ වේගවත්ව පාරිභෝගිකයින්ගේ සුවසේවා අවශ්‍යතා සපුරාලීමට අපට හැකිව තිබෙනවා. මීට ඉහතදී රසායනාගාර සාම්පලයක් ලබා ගැනීමේදී රෝගියකු විනාඩි 30ක පමණ කාලයක් එම පරිශ‍්‍රයෙහි සිටිය යුතු වූවද මෙම නවතම සංකල්පයට අනුව විනාඩි 6ක් වැනි ඉතාම සුළු කාලයකින් සිදු කර ගත හැකි වීම ඔවුන්ගේ ආරක්ෂාව සහ සුවපහසුබව සඳහා ලබා දිය හැකි විශිෂ්ඨතම සේවාව ලෙස හැඳින්විය හැකියි’’යනුවෙන් නවලෝක රෝහල් සමූහයේ උපසභාපති හර්ෂිත් ධර්මදාස මහතා පැවසීය.

‘‘ශ‍්‍රී ලාංකීය සුවසේවා ක්ෂේත‍්‍රයට හඳුන්වාදෙන මෙම නවතම සංකල්පයට අනුව කෝවිඞ් සම්පේ‍්‍රෂණය වීමේ අවදානමකින් තොරව සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් සිය සේවාවන් පවත්වා ගෙන යෑමට නවලෝක රසායනාගාර ජාලයට හැකියාව ලැබී ඇත. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යායතනයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශයන් මත පදනම් වෙමින් නිර්මාණය කළ සෞඛ්‍ය උපමානයන් දැඩිව ක‍්‍රියාත්මක කිරීමට නවලෝක රසායනාගාර ජාලය කටයුතු කර ඇත.

පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා ලෙස ජාත්‍යන්තර තත්වයේ රෝහල් සේවාවක් පවත්වාගෙන යෑම සඳහා වෛද්‍ය උපකරණ සහ මානව සම්පත සඳහා වාර්ෂිකව විශාල ආයෝජනයක් නවලෝක රෝහල් සමූහ විසින් සිදු කරන අතර කෝවිඞ් වසංගතයෙන් ශ‍්‍රී ලාංකිකයින් ආරක්ෂා කර ගැනීම සඳහා අපි දැඩි කැපවීමකින් කටයුතු කරනවා’’ යනුවෙන් හර්ෂිත් ධර්මදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

විවිධ සමාජ මට්ටම්වල සිටින පාරිභෝගිකයින් සඳහා ජාත්‍යන්තර තත්වයේ රසායනාගාර සේවාවක් දැරිය හැකි මිලකට ලබා දීම නවලෝක රසායනාගාර සමූහයේ ප‍්‍රමුඛතම පරමාර්ථය වන අතර ශ‍්‍රි ලංකාවේ අනාගත රෝහල් අත්දැකීම වර්තමානයේදී ලබා දීම නව ලෝක රෝහල් සමූහයේ දැක්ම බවට පත්ව ඇත. ජාතික මට්ටමේ සිටින වෛද ්‍යවරුන් 10,000කට අධික සංඛ්‍යාවක් වෙත වෘත්තීය සේවා සලසන නවලෝක රසායනාගාර සමූහය පැය 24 පුරාම වසරේ සෑම දිනකම විවෘතව පවතී. රසායනාගාර පරීක්ෂාවන් 1200කට අධික සංඛ්‍යාවක් පැවැත්වීම සඳහා මෙරට පවතින් අති නවීන උපාංගයන්ගෙන් සහ ජාත්‍යන්තර ප‍්‍රමිති සහතිකයන්ගෙන් සමන්විත නවලෝක රසායනාගාර ජාලය වාර්ෂිකව රසායනාගාර පරීක්ෂණයන් මිලියන 2ක් පමණ සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *