විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ගැන ඇමති ප්‍රසන්න කියයි

(කොළඹ, ලංකාපුවත්) –විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලදී එහි ප්‍රතිලාභ හිමිවිය යුත්තේ රටට හා ජනතාවට මිස අදාල සමාගම් හා ඔවුන්ගේ මව්රට වලට නොවන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී එහි ප්‍රතිලාභ රටට හා ජනතාවට නිසි ලෙස හිමිවන්නේ දැයි විමසිලිමත් විය යුතු බවයි.

කටුනායක ගුවන්තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ ‘A’ පැකේජයේ ප්‍රගතිය පිළිබඳව පසුගිය සිකුරාදා (19) කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව අවධාරණය කළේය.

පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ ආරම්භ කල මෙම ව්‍යාපෘතිය පසුගිය යහපාලන රජය විසින් හිතාමතාම අතහැර දමා තිබූ අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එහි ඉදිකිරීම් යලි ආරම්භ කෙරිණ. මෙම ව්‍යාපෘතිය යහපාලන රජය විසින් ක්‍රියාත්මක නොකර ප්‍රමාද කිරීම හේතුවෙන් රුපියල් කෝටි 3000 කට අධික පාඩුවක් ගුවන්තොටුපල සමාගමට සිදුව තිබිණි. වත්මන් රජය යටතේ මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුනේ පසුගිය වසරේ නොවැම්බර් 18 වෙනිදායි. පසුගිය වසර තුල මෙරට ආරම්භ කෙරුන විශාලතම සංවර්ධන ව්‍යාපෘතියද මෙයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *