වියළි කාලගුණික තත්ත්වය නිසා ජල සැපයුමට බාධා සිදුවිය හැකි බවට දැනුම්දීමක්

(කොළඹ, ලංකාපුවත්) – මේ දිනවල දිවයිනේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සදහන් කරයි.

බොහෝ ප්‍රදේශවල ප්‍රධාන ජලාශ හා පානීය ජලය ලබා ගන්නා මූලාශ්‍ර සිඳී පවතින බැවින් මෙම තීරණය ගෙන ඇත.

මෙවැනි තත්ත්වයක් ඇති වූ විට පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා ජලය පැය 24 පුරා අඛණ්ඩව බෙදා හැරීම සීමා කිරීමට සිදුවනු ඇති බව එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මේ හේතුවෙන් උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බව ද ජල සම්පාදන මණ්ඩලය පවසයි.

එම නිසා ජලය හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *