පාකිස්ථාන අගමැති රැගත් ගුවන්යානයට ඉන්දීය ගුවන් අවකාශයේ ඉඩ

(කොළඹ, ලංකාපුවත්) – නිල සංචාරයක් සඳහා අද (23) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පැමිණෙන ගුවන් යානයට ඉන්දීය ගුවන් අවකාශය භාවිත කිරීම සඳහා ඉන්දීය බලධාරීන් අවස්ථාව ලබාදී ඇත.

කෙසේවෙතත් කාශ්මීර ප්‍රදේශයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධින් මුල්කර ගනිමින් 2019 වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රැගත් ගුවන් යානයට සිය ගුවන් අවකාශය භාවිත කිරීමට පාකිස්තාන රජය අවස්ථාව ලබා නොදුන් බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙරට දෙදින නිල සංචාරයක නිරත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *