රටේ ජනගහනයෙන් මිලියන 14කට කොවිඩ් එන්නත ලබා දීමට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) –ජනගහනයෙන් මිලියන 14 කට කෝවිඩ් 19 එන්නත ලබාදීම සඳහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මිලියන 10 ක් අමෙරිකා ඩොලර් මිලියන 52.5ක මුදලකට මිලදී ගැනීමට නියමිත බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මීට අමතරව මහා බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනෙකා ආයතනය නිෂ්පාදනය කරන එන්නත් මාත්‍රා මිලියන 3.5 ක් මිලදී ගැනීමට නියමිත අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඊට අදාල ගිවිසුම් සඳහා එළඹෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *