(කොළඹ, ලංකාපුවත්) –ඉක්වදෝරයේ බන්ධනාගාර තුනක එකවර ඇතිවූ ගැටුම් වලින් අවම වශයෙන් රැඳවියන් 79දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
පොලිස් නිලධාරීන් කිහිපදෙනකුද තුවාල ලබා ඇති බවට වාර්තා පලවී ඇති නමුත් මියගිය සියල්ලන්ම බන්ධනාගාර රැඳවියන් බව පැවසේ.
මෙය මෑත ඉතිහාසයේ ඉක්වදෝරයේ බන්ධනාගාර තුළ සිදුවූ දරුණුතම සිදුවීමයි.
කැරළි ඇතිවී තිබෙන මෙම බන්ධනාගාර තුනේ ඉක්වදෝරයේ රැඳවියන්ගෙන් 70% ක් සිටින බව බලධාරීහු පවසති.
අඟහරුවාදා ආරම්භ වූ සටන් මේ වනවිට පාලනය කර ඇති බව ඉක්වදෝර ජනපති ලෙනන් මොරොනෝ පැවසීය.
චොනරොස් කල්ලියේ නායක සැම්බ්රානෝ පසුගිය දෙසැම්බර් මාසයේ ඝාතනය වීමෙන් පසු බන්ධනාගාරවල තත්ත්වය නොසන්සුන් වූ බව සඳහන් වේ.