පාසල් දරුවන්ට සහන මිලට පොත් සහ පාවහන්

(කොළඹ, ලංකාපුවත්) – පාසල් පාවහන් සහ අභ්‍යාස පොත් සහන මිල ගණන් යටතේ පාසල් දරුවන්ට ලබාදීමට තීරණය කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

දේශීය පාවහන් නිෂ්පාදකයින්, සතොස සහ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව ඒකාබද්ධව සහන මිල ගණන් යටතේ පාසල් පාවහන් සහ අභ්‍යාස පොත් ලබාදීමට ඉදිරියේ දී පියවර ගනු ඇත.

ඇමතිවරයා කියා සිටියේ “පාසල් සිසුන්ගේ සපත්තු කුට්ටමක් ඉතාම ගුණාත්මක භාවයෙන් යුතුව රුපියල් 300ක් මිල අඩුවෙන් වෙළෙඳපොළට ඉදිරිපත් කරන්න කටයුතු යොදලා තිබෙනවා. අභ්‍යාස පොත්, CR පොත් ඇතුළු පොත් මිල පහතට ගෙන ඒම සඳහා අවශ්‍ය තීරණත් අරගෙන තියෙනවා.” යන්නයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *