ශ්‍රී ලංකන් ගුවන් සේවය නව මුහුණුවරකින් වෙබ් අඩවිය එළිදක්වයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදියුණු කළ විශේෂිත නව අංග සහිතව www.srilankan.com වෙබ් අඩවිය එළි දක්වන ලදී.

මෙමගින් ශ්‍රීලංකන් පාරිභෝගිකයන්ට විශේෂිතවූ සේවා අත්දැකීම් සහ වැඩිදියුණූ කරන ලද පහසුකම් අත්විඳීමේ අවස්ථාව උදාවේ.

ගුවන්ගමන් ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සහ පාරිභෝගික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ගුවන් සමාගම විසින් වෙබ් අඩවිය නිර්මාණය කළ අතර බොහෝ ගමනාන්තවල නවතම ගාස්තු සහ සංචාරක තොරතුරු පහසුවෙන් බැලීමට මෙමගින් හැකිවේ. එසේම බාධාවකින් තොරව වෙබ් අඩවිය හරහා සංචාරකයින්ට ප්‍රවේශපත්‍ර වෙන් කරවා ගැනීමට ඉඩසලසා දී තිබේ.

srilankan.com වෙබ්අඩවිය දැනට සිටින සහ නව ගනුදෙනුකරුවන් සඳහා සම්පූර්ණ සංචාර කළමනාකරණ අවස්ථාවක් ලබාදෙයි.

සංචාරක අවශ්‍යතා සහ නවතම යාවත්කාලීනයන් පිළිබඳ තොරතුරු, ටිකට් පතක් වෙන් කරවා ගැනීම, ව්‍යාපාරික පන්තියට උසස් කිරීමක් ඉල්ලා සිටීම, අමතර නිදන කාමරයක් සහිත ආසනයක් ලබාගැනීම, ආසනයක් උසස් ලෙස වෙන් කරවා ගැනීම, ආහාර පිළියෙල කිරීම, මාර්ග ගත පිරික්සුම, පැය 24 පුරා සම්බන්ධතා සහය සහ වෙනත් විකල්ප රැසක් මෙමගින් ලබා දී තිබේ. එපමණක් නොව, ගමන් මලු හැසිරවීම සහ වෙනත් සාමාන්‍ය තොරතුරු රැසක් ලබාදෙන අතර ගුවන්තොටුපල, ගුවන් යානයේ විස්තර සහ ජංගම යෙදුම් බාගත කිරීමේ උපදෙස් පිළිබඳ තොරතුරු ද සපයයි.

නව විශේෂාංග මගින් පාරිභෝගිකයින්ට තොරතුරු පමණක් නොව පාරිභෝගික සහාය, කොවිඩ් -19 පිළිබඳ යාවත්කාලීන සංචාරක තොරතුරු සහ පැය 24 පුරාක්‍රියාත්මක සේවා සහය ලබා ගැනීමේ අවස්ථාවද ලබා දී තිබේ.

srilankan.com වෙඩ් අඩවිය නවතම ඩිජිටල් භාවිතයන් හා ප්‍රවණතාවන්ට සරිලන ලෙස සකස් කර ඇති අතර ජාත්‍යන්තර සංචාරකයාගේ අවශ්‍යතාවයන්ට අනුවර්තනය වෙමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ.

srilankan.com මගින් අන්තර්ජාලය හරහා ටිකට්පත් වෙන් කරවාගන්නා මගීන්ට කිසිදු දඩයක් නොමැතිව පැය 24 ක් ඇතුළත ටිකට්පත් අවලංගු කිරීමේ හැකියාව සහ ලොව පුරාගමනාන්ත 113 කට අධික සංඛ්‍යාවක් වෙත ගාස්තු දැනගැනීම ඇතුළු බොහෝ ප්‍රතිලාභ ලබාගත හැක. අන්තර්ජාලය හරහා ටිකට්පත් වෙන් කරවාගැනීම, පහසුව සහ විශ්වසනීයත්වය සහතිකකරන අතරම ගනුදෙනුකරුවන්ට නම්‍යශීලී අවලංගු කිරීම සහ දිනය වෙනස් කිරීම මෙන්ම සැලසුම් ඇතුළු විවිධ නම්‍යශීලී දෑ වෙබ් අඩවිය මඟින් සපයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *