ගාලුමුවදොර පිටිය සංවර්ධනය කිරීමේ නව සැලැස්ම ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් මත ගාලුමුවදොර පිටිය සංවර්ධනය කිරීමේ නව සැලැස්මට අනුව,එහි නව වෙළෙඳසැල් ඉදිකිරීම් කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(04) ආරම්භ කෙරිණ.

සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස ගාලුමුවදොර පිටිය සංවර්ධනය කිරීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය,ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා සමාගම,වරාය හා නාවික අමාත්‍යාංශය,ශ්‍රී ලංකා නාවික හමුදාව,කොළඹ මහ නගර සභාව,ලංකා විදුලි බල මණ්ඩලය,ජල සම්පාදන හා ජල අපවහන මණ්ඩලය,ශ්‍රී ලංකා පොලීසිය,ශ්‍රී ලංකා ටෙලිකොම සහ මොබිටෙල් ආයතන මෙම ව්‍යාපෘතිය සඳහා දායකත්වය ලබා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *