AIA ඉන්ෂුවරන්ස් ප්‍රථම ඩිජිටල් අලෙවි සම්මාන උළෙලේ දී විශිෂ්ට අලෙවිකරුවන් අගයයි

(කොළඹ, ලංකාපුවත්) –AIA ඉන්ෂුවරන්ස්, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ප්‍රථම වරට පවත්වන ලද අලෙවි සම්මාන උළෙලක දී 2019 සඳහා ඉහළම කාර්ය සාධනයක් දක්වන ලද සිය ජයග්‍රාහී අලෙවි බලකා සාමාජිකයින් ඇගයීමට ලක්කරන ලදී. ‘Awaken the Superhero in You’ යන මැයෙන් පවත්වන ලද මෙම ඩිජිටල් සම්මාන උළෙල සඳහා දිවයින පුරා විසිර සිටින AIA අලෙවි බලකා සාමාජික සාමාජිකාවන් 2663 දෙනෙකු ඔවුන් සහ ඔවුන්ගේ සහෝදර අලෙවි බලකා සාමාජිකයින්ගේ ජයග්‍රහණ සැමරීම සඳහා සහභාගී වූහ.

ජයග්‍රාහී අලෙවි බලකා සාමාජිකයින්, සිය සේවාලාභීන්හට අතිවිශිෂ්ට සේවාවක් අත්පත් කරදීම සඳහා ඔවුනගේ සාමාන්‍ය සේවා ඉස්සව්වෙන් ඔබ්බට යමින් කළ කැපකිරීම් වෙනුවෙන් මෙසේ ඇගයුමට ලක්වූහ.

මෙම සම්මාන උළෙලේදී 2019 වසරේ අතිවිශිෂ්ටතම කාර්යසාධනය අත්පත් කරගනිමින් ඉහළම සම්මානයෙන් පිදුම් ලද අලෙවි බලකා සාමාජික කාණ්ඩ 4ක් විය. මෙවර හොඳම වෙල්ත් ප්ලෑනර් ලෙස ඇගයුමට ලක්වූයේ මොරටුව ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ කේ. ඩී මද්‍රාකිණී තක්ෂිලා මෙනවියයි. මහනුවර ප්‍රධාන බෙදාහැරීම් අංශයේ යු. ඒ. එම්. සංජීවනී සෝමරත්න මෙනවිය මෙම කාණ්ඩයේ දෙවන ස්ථානය හිමිකරගත් අතර කොළඹ මෙට්‍රෝ බෙදාහැරීම් අංශයේ එස්. පී. එස්. රොද්‍රිගෝ තෙවන ස්ථානය හිමිකර ගන්නා ලදී.

හොඳම වෙල්ත් ප්ලෑනර්ස් කළමනාකරු ලෙස කෑගල්ල ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ එන්. ඩබ්. නිලන්ත සේනාරත්න බණ්ඩාර ජයග්‍රහණය කළ අතර මොරටුව ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ එස්. එස්. ප්‍රියන්තා ඩයස් මහත්මිය දෙවන ස්ථානයත් කොළඹ ප්‍රාදේශීය කාර්යාල 5 හි එම්. ඩී. තුරාජ් අපොන්සෝ තෙවන ස්ථානය ද හිමි කරගත්හ.

එමෙන්ම හොඳම Tier 3 ප්‍රධානී ලෙස මොරටුව ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ බී. පී. වී. රාජිත ප්‍රියසෙනරත් ඇගයීමට ලක් වූ අතර තිස්සමහාරාමය ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ ජී. එච්. සී. දිලීප අමීන්ද්‍ර දෙවන ස්ථානයටත් මාවනැල්ල ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ වයි. ජී. ජී. බී. යටිගම්මන තෙවන ස්ථානයටත් තේරී පත්විය.

හොඳම බෙදාහැරීම් අංශ ප්‍රධානී ලෙස කෑගල්ල ප්‍රාදේශීය කාර්යාල 2 හි, චන්න දුනුසිංහ ඇගයීමට ලක්වූ අතර මොරටුව ප්‍රාදේශීය කාර්යාල 1 හි හේමන් කුමාර දෙවන ස්ථානයටත් කොළඹ ප්‍රාදේශීය කාර්යාල 2 හි ඉඳුනිල් අමරසිංහ මෙනවිය තෙවන ස්ථානයටත් තේරී පත් විය.

ඒ අතර මහරගම බෙදාහැරීම් අංශයේ වී. ඒ. ආර්. එස්. චන්ද්‍රිකා පෙරේරා මහත්මිය හොඳම නැගී එන වෙල්ත් ප්ලෑනර් (කාන්තා) ලෙස ඇගයීමට ලක්වූවාය. හොඳම නැගී එන වෙල්ත් ප්ලෑනර් (පිරිමි) සම්මානය පොලොන්නරුව ප්‍රධාන බෙදාහැරීම් අංශයේ කේ.ජී. ඒ. බණ්ඩාර කහවත්තට හිමි විය. එමෙන්ම නැගී එන හොඳම වෙල්ත් ප්ලෑනර්ස් කළමනාකරු (කාන්තා) සම්මානය ගම්පොල බෙදාහැරීම් අංශයේ පුෂ්පා වීරසිංහ මහත්මිය විසින් දිනා ගන්නා ලද අතර හොඳම වෙල්ත් ප්ලෑනර්ස් කළමනාකරු (පිරිමි) සම්මානය රත්නපුර බෙදාහැරීම් අංශයේ ආර්. දුමින්ද ජයසිංහ විසින් දිනා ගන්නා ලදී.

‘Awaken the Superhero in You’ යන තේමාව යටතේ මෙම සම්මාන උළෙල පවත්වන ලද්දේ, ශ්‍රී ලාංකික පවුල්වලට රැකවරණය සහ මූල්‍ය සුරක්ෂිතභාවය සපයමින් සිය වටිනා සේවාලභීන්හට ඉහළ සේවයක් සැපයීමට AIA අලෙවි බලකා සාමාජිකයින් කළ අතිවිශිෂ්ට කැපකිරීම් ඇගයීම සඳහායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *