සංචාරක සහන පැකේජ තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් වසංගතය හේතුවෙන් පිඩාවට පත්වූ සංචාරක ක්ෂේත්‍රයේ නීයුතු වූවන්ට ලබාදුන් ණය හා ලීසිං පහසුකම් සඳහා වන සහන පැකේජය මේ වසරේ අවසානය දක්වා දීර්ඝ කිරීමට රජය අවධානය යොමුවේ. ඒ සම්බන්ධයෙන් අඳාල අංශ සමග සාකච්ඡා කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් පිඩාවට පත්වු සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට රජය ණය හා ලීසිං සහනයක් ලබාදුන්නේ පසුගිය මාර්තු මාසයේ සිටයි. එය මේ මස 31 වන දිනයෙන් අවසන් වීමට නියමිතයි. පසුගිය ජනවාරි මාසයේ සිට රට සංචාරකයන්ට විවෘත කෙරුණ ද තවමත් සංචාරක ක්ෂේත්‍රය යථා තත්වයට පත්ව නොමැති බැවින් මෙම සහනය දීර්ඝ කිරීමට රජය සිය අවධානය යොමු කර ඇතැයි ඇමතිවරයා සඳහන් කරයි. ඒ අනුව මේ වසරේ දෙසැම්බර් 31වනදා දක්වා එය දීර්ඝ කරන ලෙස රජයෙන් ඉල්ලා ඇතැයි ද ඇමතිවරයා කියා සිටියි.

ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන පිලිබඳව සංචාරක සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරිම සඳහා පසුගියදා පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කලේය. ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන පිලිබඳව සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වුවන් දැනුවත් කිරීමේ අවස්ථාවකට විෂය භාර අමාත්‍යවරයෙකු එක්වූ පලමු අවස්ථාවද මෙයයි. සංචාරක හෝටල් කලමනාකරණ ශ්‍රවණාගාරයේදී පසුගිය සිකුරාදා (05) මෙම රැස්වීම පැවැත්විනි.

ජනවාරි 21 දා සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු මේ දක්වා මෙරටට සංචාරකයන් 5000කට අධික පිරිසක් පැමිණ ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට බහුල වශයෙන් පැමිණෙන චීනය, ඉන්දියාව, ජර්මනිය, එංගලන්තය වැනි රටවල් තවමත් එම රටවල වැසියන්ට සංචාර සඳහා අනුමැතිය ලබාදී නැත. මේ තත්වය මෙරටට සංචාරක ව්‍යාපාරයට සෘජුවම බලා ඇතැයි ඇමතිවරයා ‍මෙහිදී කීවේය සෞඛ්‍ය නීතිරීති වලට අනුව සංචාරකයන් ගෙන්වීමේදී ප්‍රායෝගික ගැටලු කිහිපයක් මතුව තිබේ . සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර පැවති සාකච්ඡා වලදී එකඟ වූ ඇතැම් කරුණු වලට සෞඛ්‍ය අංශ තවමත් නිසිලෙස අනුමැතිය ලබාදී නොමැත. මේ පිලිබඳව ඉදිරියේදි සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කර අඳාල නිර්දේශ කඩිනමින් ලබාගැනීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.

ගෝලීය සංචාරක වැඩසටහන සඳහා ඉදිරි වසර 05ට වෙන්කර ඇති මුදල ඇ.ඩො.බිලියන 59කි. කෙටිකාලින, මධ්‍යකාලීන හා දීර්ඝ කාලීන වැඩසටහන් මේ වෙනුවෙන් සංවිධානය කර තිබේ. චීනය, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව රුසියානු කලාපයේ සහ මැද පෙරදිග රටවල් ඉලක්ක කරගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් මෙම වසර තුලදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

ඇමරිකාව, ජපානය වැනි රටවල් ඉලක්ක කර ගනිමින් තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණිය ගමනාන්තයක් ලෙස මෙන්ම කොවිඩ් සුරක්සිතම රටක් ලෙස ලෝකය තුල ප්‍රචලිත කිරීම සංචාරකයන් මෙරටට ආකර්ෂණීය කර ගැනීම සඳහා ඉවහල් වනු ඇතැයි පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඒ සඳහා වැඩි අවධානයක් යොමුකරනු ලෙසද බලධාරීන්ට උපදෙස් දුන්නේය. මේ වනවිට සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වුවන් සහා කොවිඩ් එන්නත ලබාදිමට රජය එකඟත්වය පල කර තිබේ. ඉදිරි සති කිහිපය තුල එය ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි ද ඇමතිවරයා මෙහිදී විශ්වාසය පල කළේය.

සංචාරක අමාත්‍යංශයේ අතිරේක ලේකම් වරුණ සමරදිවාකර, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේරත්න, යන මහත්ම මහත්මීහුද මෙහිදී එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *