කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්, සිය ධූරයේ වැඩ අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන, ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ඊයේ (08)සිය ධූරයේ වැඩභාර ගන්නා ලදි.

සෞඛ්‍ය සේවයේ වසර 34 ක සේවා පළපුරුද්දකින් සහ සෞඛ්‍ය පරිපාලන සේවයේ අවුරුදු 24 ක සේවා පළපුරුද්දකින් යුත් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා මීට පෙර ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

පේරාදෙණිය වෛද්‍ය පීඨයෙන්MBBS ගෞරව උපාධියක් සහිතව වෛද්‍ය වෘත්තියට පිවිසි ඒ මහතා MB වෛද්‍ය පරිපාලන ගෞරව උපාධියද, London of Economics විශ්ව විද්‍යාලයෙන් Health Economics & Physical Science ශාස්ත්‍රපතිඋපාධියද ලබා ගෙන ඇත.

විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහ ළමා රෝහලේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සේවය කර ඇති අතර බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස ද සේවය කර ඇත. මීට අමතරව පෞද්ගලික වෛද්‍ය සංවර්ධන අධ්‍යක්ෂ, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂ, ජාතික ඖෂධ අධිකාරියේ සභාපති ලෙස ද කටයුතු කළඒ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා), අතිරේක ලේකම් (සෞඛ්‍ය සේවා) තනතුරේ ද සේවය කර තිබේ.

විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා වැඩ බාර ගැනීමේ අවස්ථාවට පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන, ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්. වියලේන්ද්‍රන් මහතා සහ වෛද්‍යවරු රැසක් හා අමාත්‍යාංශයේ නිළධාරින්ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *